Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඊශ්‍රායල් අගමැති  

Add comments

තම රටේ පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලයේ මහමැතිවරණ 04 ක්  පැවැත් වුවද ඉන් කිසිදු  පක්ෂයක් බහුතර බලයක් හිමිකර ගැනීමට සමත් වූයේ නැහැ. පසුගිය  මාසයේදී   පැවති මැතිවරණයෙන් ද බහුතර බලයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි වීම හේතුවෙන්  ඒකාබද්ධ රජයක් පිහිටුවීමට මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙනවා.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් ඊශ්‍රායලයේ වැඩිම  කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙංජමින් නෙතන්යාහුගේ පාලන කාලය ද අවසන් වනු ඇති බවටයි විශ්ලේෂඥකයින් පවසන්නේ. මේ වන විටත් ඔහුට විරුද්ධව විශ්වාසය කඩ කිරීම හා දූෂණ චෝදනා යටතේ එරට අධිකරණයේ නඩු විභාග වනවා.ි

 

 

The post පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඊශ්‍රායල් අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG