Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක්  

Add comments

නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් සිය ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. අවදානමට මුහුණපා සිටින තවත් විශාල පිරිසක් පිළිබද දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා. පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස 300 ක පමණ වාසය කළ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව ද වාර්තා වනවා. අයහපත් කාලගුණ තත්ත්වය පිළිබද නවසීලන්ත කාලගුණ දෙපාර්තමේන්තුව රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

 

 

 

The post නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG