Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් 250 කට වියළි ආහාර  

Add comments

කොරෝනා ව්‍යසනයෙන් රටම පීඩාවට පත්ව ඇති මොහොතක එම රෝගීන්ට හා ඔවුන්ට සත්කාර කරන සෞඛ්‍යය ‍හා ආරක්ෂක අංශයේ සේවකයන් වෙනුවෙන් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත්ව සිටිනවා.

පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළට බොහෝ දෙනා සහාය පල කරනවා. කඩවත වෙසක් කලාපයට ලැබුණු මුදල් යොදවා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සේවය කරන 1800 ක පිරිසකට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීම මේ අනුව සිදු කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මිරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහසුව වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදීමට අමාත්‍ය සී.බී රත්නායක මහතා පියවර ගත්තා. අමාත්‍යවරයා එම උපකරණ  දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් ජී.ආර්.පී.කේ නන්දන මහතා වෙත භාර දුන්නා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය මෙට්ට 500 ක් ලබාදීමට දොඩංගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව සම්පාදනය කරගත් මෙම මෙට්ට තොගය දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙනිල් විශ්වශාන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මතුගම ආසන සංවිධායක චන්ද්‍රභානු අධිකාරම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා.

සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපාය අහිමි වී සිටින අඩු ආදායම් ලාභී පවුල් 250 ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර මළු ලබාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මධුශාන් හරීන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.ගොඩගම, ගාමිණීපුර සහ පනාගොඩ, පැලෑදගොඩ රණවිරුගම  යන ගම්මානවල පවුල් සදහා මෙසේ ආධාර ලබාදීමටයි පියවර ගත්තේ.

මහනුවර ගගවටකෝරලය ප්‍රාදේශීය සභාව හා හාරගම ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථ ශක්ති තරුණ සංගමය එක්ව සංවිධාන කළ සුවධරණි ඔසු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්  ක්‍රියාත්මක කෙරුණා.ඒ එම ප්‍රාදේශීය  සභාවේ සභාපති සුභාෂ් යටවර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

 

The post ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් 250 කට වියළි ආහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG