Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටිපර් රථයක් වියානා ඇලට පෙරළෙයි  

Add comments

වන අලියෙක් ටිපර් රථයක් පසුපස ලුහුබැදීම හේතුවෙන් එම ටිපර් රථය වියානා ඇලට පෙරලී තිබෙනවා.

රීදිමාලියද්ද කුරුවිතැන්න, පිදේනිපිටිය ප්‍රදේශයේ දීයි වන අලියා ටිපර් රථය පසුපස පන්නා ඇත්තේ. ඒ ඊයේ රාත්‍රි අටට පමණ. එහිදි ලොග්ගල්ඔය වියානා ඇල පාලමේ ටිපර් රථය ගැටීමෙන් එය ඇලට පෙරලී තිබෙනවා. වන අලියා පසුපස පන්නා ඒමත් සමග බියවූ රියදුරාට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙනුයි එය ඇලට පෙරලී ඇත්තේ.

රියදුරා පිහිනාවිත් දිවි බේරාගෙන තිබෙනවා. සියඹලාන්ඩුව ප්‍ර දේශයේ සිට මහනුවර ප්‍ර දේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. වාහනය ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

The post ටිපර් රථයක් වියානා ඇලට පෙරළෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG