Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN සභාපතිගේ මැදිහත්වීමෙන් උඳුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝද පුටු 2ක්  

Add comments

කෑගල්ල උදුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට දැඩි අවශ්‍යතාවක්ව තිබු රෝද පුටු දෙකක් පරිත්‍යාග කිරීම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණා.

උදුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් විශාල පිරිසකට සේවාවන් සැලසෙනවා. එහි කාර්ය මණ්ඩලයද තමන්ගේ ස්ථානයට පැමිණෙන රෝගීන් සම්බන්ධයෙන් විශේෂ කැපවීමකින් ක්‍රියා කරනවා. මෙම මධ්‍යස්ථානයට රෝද පුටු දෙකක දැඩි අවශ්‍යතාවක් පැවතුණා.

ඒ බව දැනගත් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා සමාධි ජාත්‍යන්තර බෞද්ධ පදනමට කළ දැනුම් දීමකට අනුව මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණා. එම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය හා ස්වාධීන රූපවාහිනි නියෝජිත පිරිසක් සහභාගි වුණා.

 

 

The post ITN සභාපතිගේ මැදිහත්වීමෙන් උඳුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝද පුටු 2ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG