Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්  

Add comments

සිරකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවෙන් සහ රජයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් යහපත් සමාජ පරමාර්ථයන් සපුරා ගත නොහැකි බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දරණ  ප්‍රයත්නය මගින් ජාතියටත් වෛද්‍ය වෘත්තියටත් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම විද්වත් සංවිධානය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ ඒ සඳහා සිරකරුවන්ගේ  යෝග්‍යතාවය පිරික්සීමට හෝ වෛද්‍යවරුන් සහභාගී වීම ආචාර ධර්මවලට පටහැනි බව ද වෛද්‍ය සංගමය සිය නිවේදයෙන් පෙන්වාදී තිබෙනවා.

ශිෂ්ඨ සම්පන්න සමාජය මරණ දඩුවම දිම සාධාරණීයකරනය කිරීම වඩ වඩාත් ප්‍රශ්න  කරමින් සිටී. නීතිවේදීන්, පුරවැසියන් මෙම තීරණය රටට නොගැලපෙන බවට මේ වන විටත් අදහස් පල කර තිබේ. මෙවන් පසුබිමක් තුළ ඉක්මන් තීරණවලට නොඑළඹෙන ලෙසත් දැනට ජනතාව අතර ඇති වී තිබෙන සංවාදය ඉදිරියට යාමට ඉඩ සළසන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කිරීමට බැදී සිටින ප්‍රජාතාන්ත්‍රික ගුණාංග සුරකිනු ඇති බවටද විශ්වාසය පල කර තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ ඊට කිසියම් ආකාරයට දායක වීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව සියලුම වෛද්‍යවරුන්ට දන්වා සිටින බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන්. මේ අතර පසුගියදා රැස්වීමකට සහභාගීවීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතාද මරණ දඬුවම ගෙන ඒමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිලිබදව මාධ්‍යට අදහස් පල කර සිටියා.

 

 

The post මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG