Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි  

Add comments

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබෙනවා.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ. මේ වනවිට ලෝකයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ලෝකය තනි යායක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබේ. නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කන්ඩායම්වල ආගම බවට පත්ව තිබේ.

තොරතුරු සම්පාදනය ,විනෝදාස්වාදය යන මුක්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමනය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමත නායකත්වයක් ගොඩනගා ගෙන තිබේ. සුහුරු තාක්ෂණ මෙවලම් ඔස්සේ නූතන කියවීමකට තල්ලු කළ සමාජ මාධ්‍ය මිනිසා නොදැනුවත්වම එහි ගොඳුරක් වී ඇති බවයි සන්නිවේදන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අත් විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි. ඇතැම් විට මෙම සමාජ මාධ්‍ය ලෝක දේශපාලන බල තුලනයට ද බලපා තිබේ. වෙනත් කලාපයක සමාජ ජාල පිවිසුම් තවත් කලාපයකට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන්නේ එවන් තත්ත්වයන් මතය.

ෆේස් බුක්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සන්නිවේදන මෙවලම් මේ වනවිට ලෝකයේ සෑම සමාජ ස්ථරයක්ම වෙලාගෙන තිබේ. සමාජ මාධ්‍ය ඇරඹුම පරිගණකය, මෙන්ම ස්මාර්ට් දුරකතනය ඔස්සේ සංකීර්ණත්වයට පත්ව තිබේ. වසර 2002 දී Friendster වසර 2003 දී MySpace ආරම්භ වුණා. වසර 2004 දී ෆේස් බුක් ආරම්භ වුණා.

කෙසේ වෙතත් මේ වනවිට මානව සන්නිවේදනයේ දී සමාජ මාධ්‍ය නැතිව බැරි අන්ගයක් බවට පත්ව තිබේ. සමාජයෙන් මිනිසා අතුරුදහන් වීමත් එම සමාජයේම පෙනී සිටීමත් යන කාරණා දෙක සන්මාජ මාධ්‍ය ජාල තුළ සිදුවෙයි. සමාජ මාධ්‍ය ජාලයේ චැට් බොක්ස් තුළ දැක්වෙන කොළ එළියෙන් අපට හැඟවෙන්නේ ඔහු ජීවතුන් අතර සිටින බවය. එවන් මානව හැඟීමක් ජනිත කරවීමට තරම් සමාජ මාධ්‍ය සමත් වි තිබේ.

විවිධ සමාජ ස්ථර ආමන්ත්‍රණය කිරීම සමත් සමාජ මාධ්‍ය ජාල මානව මතවාද ගොඩනගන මානව මතවාද ඛණ්ඩනය කරන බොහෝ අරපරිස්සමෙන් භාවිතා කළ යුතු මෙවලමක් බවට අද වනවිට සමාජ මාධ්‍ය පත්ව තිබේ. මන්ද වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය සමාජය බොහෝ කරදරවලට පත් කර තිබෙන බැවිනි. ඒ නිසා වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම නම් පුද්ගල අනාගතයට කදිම ආයෝජනයකි.

ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ද ක්‍රියාවට නංවා තිබුණි. ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක් ද පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

The post ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG