Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණ දඬුවම ගැන අගමැති කී දේ  

Add comments

පරපණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලම පක්‍ෂය හා ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය ඇතුලු පාර්ශ්ව රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මොනරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ එකොළොස්දහසක මුදලක් වැයකර තිබෙනවා. මාරිඅරාව ජල යෝජනා ක්‍රමය තුළින් පවුල් 766 කට පමණ සෙත සැලකෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු මාරිඅරාව පොළ භූමියේ පැවති ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා,

මේ අතර මොනරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 165 ක්.

දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේ ඉන් අනතුරුවයි. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 170 ක්.

දැලිව කොස්ගස්අරාවවැව ප්‍රදේශයේ සංචාරය කරමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අග්‍රාමාත්‍යවරයා නිරීක්‍ෂණය කළා. වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්‍ෂ 168ක් රජය වෙන්කර තිබෙනවා. යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනවා.

කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එමෙන්ම කතරගම ප්‍රවේශ මාර්ගයේ පැළ සිටුවීම , මැණික් ගඟ දෙපස ශ්‍රමදානය , සෙල්ල කතරගම මහසෙන් විහාරය අසළ ප්‍රවේශ මාර්ගය විවෘත කිරීම , කතරගම දේවාලය ඉදිරිපිට පැළ සිටුවීම හා කිරිවෙහෙර රථ වාහන අංගනය විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවක , රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

තණමල්විල ජාතික පාසලේ තාක්‍ෂණික විද්‍යා පීඨය හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. එම තෙමහල් ගොඩනැගිලි සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ එක්දහස් දෙසීයක්. රුපියල් මිලියන 30 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ මේ සඳහා ලබා දී තිබෙනවා.

තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්.

 

The post මරණ දඬුවම ගැන අගමැති කී දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG