Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ – අගමැති  

Add comments

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව පක්‍ෂ නායකයින් පෙන්වා දෙනවා.

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පෙන්වා දෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ඒමට සිදුවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා සිදු කළ බව ද කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ හෙළි කළා. සැප්තැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ පක්‍ෂ නායකයින් සමග එකඟතාවකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත් අයිටිඑන් ප්‍රවෘත්ති අංශය කළ විමසීමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

සැප්තැම්බර් මාසය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය හැකියාවක් නොමැති බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ද අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමග සඳහන් කර සිටියා. කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට විපක්‍ෂය සූදානම් බවත් අවශ්‍යව ඇත්තේ මැතිවරණයක් පමණක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය අංශ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියා.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පක්‍ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ.

 

The post දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG