Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි පැතිර යයි  

Add comments

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික උෂ්ණත්වයත් සමඟ ලැව් ගිනි හටගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඊයේ දිනයේ දී ජනතාවට දැනුම්දී තිබුණා. පෙලපනීස් නගරයේ ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුකිරීමට සහන කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා. ඇතෑන්ස් නගරයේ සිට පැට්‍රිස් නගරය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි ව්‍යාප්තියත් සමඟ බටහිර ග්‍රීසියේ අහස තැඹිලි පැයට හැරී තිබූ ආකාරය මාධ්‍ය වාර්තා කළා. ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා හෙළිකොප්ටර් යානා 8 ක් ගිනි නිවීමට යොදා ගන්නා ගුවන් යානා 8 ක් සමඟ සහන කණ්ඩායම් රැසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි පැතිර යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG