Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි  

Add comments

ඩෙල්ටා කොවිඩ් වයිරසයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

බ්‍රිස්බ්‍රේන් නුවර පාසල් ශිෂ්‍යයෙකු ආශ්‍රිතව නව ආසාදිතයින් 6 දෙනෙකු හදුනාගැනීමත් සමගින් තවත් පාසල් දෙකක ශිෂ්‍යයින් සහ ගුරුවරුන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.   මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම නගරය වන බ්‍රිස්බ්‍රේන් නරගය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවට අඛණ්ඩව දින තුනක් නිවෙස්වලට වී සිටින ලෙසයි ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබෙන්නේ.

එරට සිඩ්නි නුවර සහ තදාසන්න ප්‍රදේශවල ද ඩෙල්ටා වයිරස් ප්‍රභේදය වේගයෙන්පැතිරයාම හේතුවෙන් සිඩිනි නුවර වසා තැබීමේ  කාලය ද තවත් මසකින් දීර්ඝකර තිබෙනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG