Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි  

Add comments

සෞඛ්‍ය අවදානම සලකා බලා අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ විශේෂිත ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් ප්‍රවාහනයේදී සහ පළාත තුළ බස් රථවල ගමන් කරන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් තම කොවිඩ් මර්ධන එන්නත්කරණ කාඩ්පතෙහි ඡායා පිටපතක් ලඟතබාගෙන එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

එන්කත්කරණ කාඩ්පතහි ඡායා පිටපතක් ඉදිරිපත් කළ අයට සාමාන්‍ය පරිදි එක ලඟ ඉදගෙන යා හැකි බවත් එසේ එන්කත්කරණ කාඩ්පතහි ඡායා පිටපතක් ඉදිරිපත් නොකරන අවුරුදු 30ට වැඩි අයට දෙදෙනෙකුගේ අසුනක තනිව ගමන් කිරීමට සිදුවන බවත් ඒ සදහා දෙගුණයක බස් රථ ගාස්තුවක් අය කිරීමට ද තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාමාලාව අද දිනයේදී ජනාධිපතිවරයා, විෂය භාර ඇමතිවරයා සහ අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති බවද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

The post බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG