Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මරුට  

Add comments

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරේ මඩ සහ සුන්බුන් අතර සිරවී විශාල පිරිසක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන් කුඩා ළමුන් විශාල පිරිසක්  මිය ගිය පිරිස අතර වනවා. ජල ගැලීමෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මිය ගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් පවසනවා.

විපතට පත්වූවන් මුදා ගැනීම සදහා අදාළ ප්‍රදේශවලට ඇතුලුවීම සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන රජය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG