Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභ්‍යවකාශය ජය ගන්න ගිය රුසියානු යානයේ දෝෂයක්  

Add comments

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවතම රුසියානු අභ්‍යවකාශ යානයේ දෝෂයක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සදහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවුකා නමින් හදුන්වනු ලැබූ රුසියානු නව මොඩියුලයේ මෙහෙයුමට ගගනගාමීන් 7 දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා. මොඩියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී පැය කිහිපයකට පසුවයි මෙම දෝෂය ඇතිව තිබෙන්නේ. එය මොඩියුලයේ එන්ජින් දෝෂයක් බවට එහි සිටි ගගනගාමීන් පෘථිවි පාලක මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබෙනවා. එම එන්ජිම අක්‍රිය කිරීමට කටයුතු කර ඇති හෙයින් මොඩියුලයේ ගමන් කළ ගගනගාමීන්ට අවදානමක් නොමැති බවයි පැවසෙන්නේ.

මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ පෘථිවිය අතර සබදතා ප්‍රධාන වශයෙන් රුසියානු අභ්‍යවකාශ යානා මගින් පවත්වා ගෙන යනු ලබනවා. කෙසේවෙතත් අභ්‍යවකාශ යානයේ පර්යේෂණ කටයුතු ලබන අගෝස්තු 3 වනදා දක්වා කල් දැමීමට සිදුව ඇති බවයි රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසන්නේ.

 

 

 

The post අභ්‍යවකාශය ජය ගන්න ගිය රුසියානු යානයේ දෝෂයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG