Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

දහම් පාසල්,  පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා මේ වෙනවිට වසරක් ගතවෙලා.

එහි ප්‍රගතිය සොයා බලමින් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් දහම් අධ්‍යාපනය,  පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය නගා සිටුවීම සදහා මේ වනවිටත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා වසරක් ගතවීමත් සමග එහි ප්‍රගතිය සමාලෝචනය කර ”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්. දිවයින පුරා මේ වන විට පිරිවෙන් 825 ක් පමණ පිහිටුවා ඇති අතර ශිෂ්‍ය භික්ෂූන් 70000 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබනවා.

පිරිවෙන් අධ්‍යාපනය හරහා ජාතික උරුමය, සංස්කෘතිය රැකගැනීම වත්මන් රජයේ අපේක්ෂාවයි.

මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිතුමන්ගේ සුරතින් අද සිදු කෙරුණා.

 

 

 

 

The post ”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG