Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි  

Add comments

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙය ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් පළමු 20 යි 20 තරගාවලි ජයයි.

ඊයේ පැවති තුන්වන තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉන්දියාවේ පළමු කඩුලු 5 ලකුණු 36 ක් තුළ ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 81 ක් පමණයි. මෙය 20 යි 20 තරගයකදී ඉන්දීය කණ්ඩායමක් ලබා ගත් තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවයි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 23 ක් ලැබූ කුල්දීප් යාදෙව්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දු වාර 4 තුළදී ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 14 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23 යි. ඒ අනුව මෙම ජයත් සමග තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

2008 වසරෙන් පසු ඉන්දීය ජාතික කණ්ඩායමට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ද මෙය වනවා. තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා වූයේ වනිදු හසරංගයි.

 

The post ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG