Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත් ලබා ගත් සංචාරකයින්ට අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විවෘතයි  

Add comments

ලබන අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විදේශ සංචාරකයින්ට සිය දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මාස 17 ක කාලයකට පසුවයි සෞදි අරාබිය මෙලෙස විදේශිකයන් සදහා විවෘත වන්නේ. පූර්ණ එන්නත්කරණය ලැබූ විදෙස් සංචාරකයින් සදහා සෞදි අරාබියට ඇතුල් වීමට අවසර ලබා දෙන බවයි එරට රජය අද නිවේදනය කළේ. අගෝස්තු පළවනදා සිට එරටට ඇතුල් වන විදේශිකයන් ෆයිසර්,  ඇස්ට්‍රා සෙනෙකා,  මොඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

එමෙන්ම සෞදි අරාබියට පැමිණීමට පෙර අවසන් පැය 72 තුළ ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවී සිටීමද අත්‍යාවශ්‍ය වනවා.

එවැනි පුද්ගලයින්ට නිරෝධායන කාල සීමාවකින් තොරව සෞදි අරාබියට ඇතුල් විය හැකි බවයි දැනුම් දී තිබෙන්නේ.

 

 

 

The post එන්නත් ලබා ගත් සංචාරකයින්ට අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විවෘතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG