Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව ලැබෙන තෙක් දේහය පේරාදෙණිය රෝහලේ  

Add comments

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මිය ගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය පිළිබද දෙවන මරණ පරීක්ෂණය අද සිදුකෙරුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.

පැය 9 කට අධික කාලයක් දෙවන මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර ඇයගේ දේහයේ කොටස් රසායනාගාර පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගැණුනා.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය අධිකරණ නියෝග මත ඊයේ ගොඩගනු ලැබුවා.

පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි දේහය ගොඩගැණුනේ. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ කොලඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබද මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියයි. කොලඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රභාත් සේනසිංහ යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

 

The post ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව ලැබෙන තෙක් දේහය පේරාදෙණිය රෝහලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG