Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන එකට අත්වැල් බැදගනී  

Add comments

දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සදහා මේ මොහොතේ ලබාදිය හැකි උපරිම දායකත්වය සැපයීමට රජය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් එකගතාව පළකළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවුණේ.

සැප්තැම්බර් මස මුල් සතිය වනවිට පාසල් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලි මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සාකච්ඡාවට එක්වුණා. රූපවාහිනිය යොදා ගනිමින් අධ්‍යාපනය ලබාදීම ඔන්ලයින් ක්‍රමයට වඩා සාර්ථක බවයි අධ්‍යාපන බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ. දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට දායකත්වය ලබාදීම හේතුවෙන් මාධ්‍ය ආයතන රටේ සමස්ත ජනතාවගේ පැසසුමට ලක්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියාසිටියා.

සැප්තැම්බර් මස මුල් සතිය වනවිට පාසල් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ.

විද්‍යුත් නාලික ඇතුළු මාධ්‍ය මගින් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා පාඩම් 7,183 ක් පටිගත කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

The post දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන එකට අත්වැල් බැදගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG