Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන්  

Add comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5 ක වැඩකටයුතු අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මරදාන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  කොළොන්නාව කලු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය,  ගොතටුව ඇල මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතියේ වැඩ මෙලෙස අවසන් කෙරුණු බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සදහන් කළා.

අති නවීන විද්‍යාත්මක තාක්ෂණයන් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකෙරුණු අතර අධික වැසි හේතුවෙන් සිදුවන ජල ගැලීම් පාලනය කිරීමට එමගින් ඉඩ සැළසෙනවා. කොළඹ අග නගරයේ වැසි ජලය පාලනය කිරීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 321 ක මුදලක් වෙන්කර ඇති අතර ලෝක බැංකුව මගින් ඒ සදහා සහණ ණය පදනම යටතේ ඩොලර් මිලියන 213 ක් හිමිවනවා.

ශ්‍රී ලංකා රජය ද ඇමෙරිකා ඩොලර් මිලියන 108 ක් ආයෝජනය කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පැවසුවේ. ව්‍යාපෘතීන්වල ප්‍රගතිය රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ද ලක්වුණා.

 

 

The post කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG