Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි  

Add comments

නැගෙනහිර චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා.

චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයෙන් සහ චොන්කින් නාගරික ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ගතවූ පැය 24 තුලදී හදුනාගත් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ. මීට දින දෙකකට පෙර නැගෙනහිර චීනයේ නැන්ජින් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පවිත්‍රතා සේවකයින් 9 දෙනෙකුගෙන් ඇරඹුණු ඩෙල්ටා කොවිඩ් ව්‍යාප්තිය මෙලෙස ප්‍රදේශ ගණනාවක පැතිර යාම ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් නැන්ජින් නුවරින්  ආසන්න ප්‍රදේශවල දස දහසකට ආසන්න පිරිසක් නිරෝධායන සීමාවන්ට යටත් කිරීමට කටයුතු කර තිබෙනවා. චීනයට පැමිණි රුසියානු ගුවන්යානයක් පවිත්‍ර කිරීමෙන් අනතුරුව පවිත්‍රතා සේවකයින්ට වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ගැනුණා.

 

 

 

The post චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG