Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක්  

Add comments

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක් නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

පසුගියදා එම දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව කියා සිටියා.

යල මහ කන්න දෙකේ අක්කර 3,30,000ක් අම්පාර දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අතර, රටේ ජාතික වී නිෂ්පාදනට 22%ක දායකත්වයක් අම්පාර ගොවි ජනතාව සපයනු ලබයි.

ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් සපයමින් කව්පි වගාවද අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබයි. ඊට අමතරව බඩඉරිඟු, මිරිස් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන රැසකට අම්පාර ගොවි ජනතාව දෙන දායකත්වය ඉමහත්.

මහ කන්නයේ කාබනික වගාව වෙනුවෙන් ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් නියමිත පරිදි ලබා දෙන බව මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

The post අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG