Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුටම ඩොලර් 100ක්  

Add comments

කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින් දිරි ගැන්වීම සදහා ඇමරිකාව නව වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.

අලුතින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අමෙරිකා ‌ඩොලර් 100 බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත බලධාරීන්ට යෝජනා කර තිබෙන්නේ. අමෙරිකාව තුල බොහෝ පිරිසක් තවමත් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට මැළිකමක් දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මිලියන 330 කට ආසන්න අමෙරිකා ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ සියයට 50 ක පිරිසක් පමණයි.

මිලියන දෙකක් පමණක් වන ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුත් බවත් ඒ සදහා අවශ්‍ය සාක්ෂි ඔවුන් සන්තකයේ තබා ගත යුතු බවත් අවධාරණය කර තිබෙනවා.

 

 

 

The post ඇමරිකාවේ කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුටම ඩොලර් 100ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG