Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ආරම්භය ගැන WHO ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14ක නොසතුට  

Add comments

කොවිඩ් රෝගයේ ආරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14 ක් සිය නොසතුට පළ  කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය , ජපානය , මහා බ්‍රිතාන්‍ය ඇතුලු ප්‍රබල රටවල් රැසක් ද මෙම කණ්ඩායමට ඇතුලත්. මෙම රටවල් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාව තුළ ප්‍රමාණවත් පරිදි කරුණු ගවේෂණය කර නොමැති බවයි. විශේෂඥයන් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සති හතරක පමණ කාලයක් චීනයේ වූහාන් නගරයේ සංචාරය කරමින් මේ පිළිබඳ කරුණු සොයා බැලුවා. ඔවුන්ගේ තීරණය වූයේ කොවිඩ් 19 වයිරසය පර්යේෂණාගාරයක් තුළ නිෂ්පාදනය වී නොමැති බවයි. සතුන් විශේෂයක් මගින් වයිරසය මිනිසුන්ට සංක්‍රමණය වන්නට ඇති බවයි මෙම කණ්ඩායමේ අවසාන තීරණය වී ඇත්තේ.

 

 

 

The post කොවිඩ් ආරම්භය ගැන WHO ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14ක නොසතුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG