Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂය ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව ඇමති ජොන්ස්ටන් කියයි  

Add comments

යහපාලන ආණ්ඩු සමයේදී පරිසරය ආරක්ෂා කර ගැනීමට කිසිවක් නොකළ පිරිස් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ගල්ගමුව නාන්නේරිය එල්ලංගා පද්ධතියේ අමුණුකොළේ මහ වැව සංවිධානය කිරීමේ වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම එල්ලංගා පද්ධතියේ වැව් හතක් සංවර්ධනය කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපයිල් මිලියන 240 ක්.

ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැප වන නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙරමුණට පැමිණෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

The post විපක්ෂය ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව ඇමති ජොන්ස්ටන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG