Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් 9 හැවිරිදි දැරියක් ජීවිතක්‍ෂයට  

Add comments

මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් කළ 9 හැවිරිදි දැරියක ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගන ඇළ බෝක්කුව පාලම අසලදී අද අලුයමයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය ඇළට වැටී ඇති බව සදහන්.

එහි මව,  පියා හා දියණියන් තිදෙනා ගමන් කර තිබෙනවා. මිය ගොස් ඇත්තේ බාලම දියණියයි. මව හා අනෙක් දරුවන් දෙදෙනා  නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත්කර තිබෙනවා. රථය පැද වූ පියාට නින්ද යාම අනතුරට හේතුව විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

 

The post මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් 9 හැවිරිදි දැරියක් ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG