Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO)  

Add comments

චීන රජය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුනායක ගුවන් තොටුපොලේදී අද භාර ගත්තා. ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණේ.

එන්නත් මාත්‍රා ලක්ෂ හයක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලට ලගා වුණා. එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙං හොං මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම එන්නත් තොගය භාර දුන්නා. තානාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබුවා.  බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත නිෂ්පාදනය කර තිබෙනවා.

එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම ලබන සදුදා සිට ආරම්භ කෙරෙනවා. ශ්‍රී ලාංකිකයන්ට එන්නත ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ. මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

The post චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG