Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි  

Add comments

තන්තිරිමලේ ප්‍රදේශයේ මෙරට තෙවැනි විශාලතම ජලාශය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුනා.

ඒ් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  දිස්ත්‍රික්ක තුනක පානීය ජල අවශ්‍යතා සහ වගා කටයුතු සදහා මෙමගින් ජලය සැපයෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි මෙහි ඉදිකිරීම් සිදු කරන්නේ. යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169,000 ක්. ප්‍රධාන බැම්මේ දිග කිලෝමීටර් 3.6 ක් වනවා. ජලවිදුලි බාලාගාරයක් පිහිටුවීම මගින් ගිගාවොට් 468 ක විදුලිබලයක් ජනනය කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා.

ජලය මත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතයි. ජලාශය ඉදිකිරීමෙන් බලාපෑමට ලක්වන්නන් සදහා වන්දි ගෙවීම සහ නැවත පදිංචි කිරීම සදහා ද සැළසුම් සකස් කර තිබෙනවා. ඉදිකිරීම් කටයුතු සදහා යන්ත්‍ර සූත්‍ර වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාරදීම සර්ව ආගමික වතාවත් මධ්‍යයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමී ලෙස රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මෙම ව්‍යාපෘතිය වසර තුනක කාලයක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිත බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියා. මෙම අවස්ථාවට මහාසංඝරත්නය සහ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාල නියෝජිතයන් සහ රාජ්‍ය  නායකයන් රැසක් එක්ව සිටියා.

 

 

 

The post මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG