Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ගැන ජර්මනියෙන් නව තීරණයක්  

Add comments

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට පමණක් ලබාදීමට ජර්මනිය තීරණය කළා.ඒ බලධාරින්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව.

හැටට අඩු පුද්ගලයන්ට කොවිඩ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ලබාදීමෙන් මතුවිය හැකි සෞඛ්‍ය තත්ව පිලිබද ඔවුන් විශ්ලේෂණය කර තිබෙනවා. ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහ පූර්ණ පරික්ෂාවකින් පසුව පමණක් හැටට අඩු පුද්ගලයන්ට එන්නත ලබාගත හැකි බවයි ජර්මනිය පවසන්නේ.

එය වඩාත් ආරක්ෂිත එන්නතක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුරෝපා සෞඛ්‍ය බලධාරින් සදහන් කළා. කෙසේවෙතත් ලේ කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් ඇතැම් රටවල් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි ජර්මනිය පවසන්නේ.

The post ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ගැන ජර්මනියෙන් නව තීරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG