Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිම් ජොන් උන්ගේ සහෝදරිය දකුණු කොරියාව දැඩි විවේචනයට ලක් කරයි  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන් දකුණු කොරියාව දැඩි විවේචනයට ලක්කර තිබෙනවා.

උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් පසුගිය සතියේදී අත්හදා බැලීමත් සමග උතුරු කොරියාව සාම සාකච්ඡා සදහා නැවත අවතීර්ණ විය යුතු බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පැවසීම මෙයට හේතු වී තිබෙනවා. උතුරු කොරියාව,දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර සාම සාකච්ඡා අත්හිටුවිය යුතු බවටයි ඇය තවදුරටත් සදහන් කරන්නේ. තම පරම සතුරා වන ඇමෙරිකාව සමග සාකච්ඡා නැවත වරක් ආරම්භ කිරීමට යෝජනා කිරීමම තම රටට සිදු කළ අපහාසයක් බවයි කිම් යෝ ජොන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

 

 

 

The post කිම් ජොන් උන්ගේ සහෝදරිය දකුණු කොරියාව දැඩි විවේචනයට ලක් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG