Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල්  

Add comments

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තින්දුව ප්‍රකාශ කිරීම ලබන මස 5 වනදා තෙක් කල් තබන බව අභියාචනාධීකරණය දැනුම් දුන්නා. තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද විනිසුරු මඩුල්ල සදහන් කළේ නඩුවේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවයි.

සිය සේවාදායකයාට සිර දඩුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් බැවින් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව කියා සිටියා.

The post රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG