Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි  

Add comments

හරිත රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත අතීත සෞභාග්‍යය යළි උදා කරනු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මඟපෙන්වීම හරිත රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අරමුණයි. හෙළවත්, හරවත්, හිතවත් යන්න එහි තේමාවයි. හරිත රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවට අයත්. මංගල රූපවාහිනී විකාශය ආරම්භ කිරීමෙන් පසු හරිත වෙබ් අඩවිය සහ තේමා ගීතය එළිදැක්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පැළ බෙදාදීම සංකේතවත් කරමින් ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා වෙත පැලයක් පිරිනැමුවා.  මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

The post හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG