Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ පළාත් රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි  

Add comments

දිවයිනේ පළාත් රැසකට අද පස්වරුවේ ද ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් වන අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකින් පස් කදු කඩා වැටීම් වාර්තා වනවා. දෙමෝදර ස්ථාන කිහිපයක නායයෑම් ගස් කඩා වැටීම් ඊට අයත්. දෙමෝදර රෝහළ අසල ගසක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදු වූ අතර රෝහල් අතුරු මාර්ගය මුළුමනින්ම අවහිර වුණා. තවත් ගස් කිහිපයක්ම කඩා වැටීමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරමආර ඔය පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කඹුරුපිටිය මුලටියන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාතර ආපදා කළමනාකරණ ඒකකය  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේමෙම ජලගැලීම් හේතුවෙන් මාකදුර හා රන්සෑගොඩ යන ප්‍රදේශයන්හි පහත්බිම් රැසක්  ද ජලයෙන් යටවී තිබෙනවා.

 

 

 

 

The post දිවයිනේ පළාත් රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG