Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්  

Add comments

විශ්වකෝශ සහ ශබ්දකෝෂ පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යන් පිලිබද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. එහිදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගිනිමිනුයි විශ්වකෝෂය හා ශබ්දකෝෂය පවත්වාගෙන යාමට නිසි ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ. එම අඩුපාඩුව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා දැනුම් දුන් අවස්ථාවේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ගැටලුවට පිලියම් යෙදීමට කටයුතු කළා.

ජෝන් ද සිල්වා සමරු රගහල හා කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු ද අග්‍රාමාත්‍යවරයා සොයා බැලුවා. රුපියල් මිලියන 1600 ක වියදමෙන් පිලිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රගහලේ දෙවන අදියරේ ප්‍රතිසංස්කරණ සදහා නාවික හමුදාව හෝ යුද හමුදාව සම්බන්ධ කර ගැන්නැයි මෙහිදී උපදෙස් ලබා දුන්නා.

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමටයි කටයුතු කෙරුණේ. දිවයින පුරා අලුතින් ගොඩනගන සංස්කෘතික මධ්‍යස්ථාන 19 ඉදිරි මාස 03 තුළ විවෘත කරන ලෙසත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාර තුළ කිසිදු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව එහි සභාපති රවින්ද්‍ර රන්දෙණිය මහතා මෙහිදී කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG