Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මියයයි  

Add comments

කිළිනොච්චිය ඒ 9 මාර්ගයේ 155 හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මිය ගියා.

ඒ 9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේ සිට භාරතීපුරම් දෙසට ගමන්ගත් ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. කිළිනොච්චිය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ සිට යතුරුපැදියකින් ගමන් කළ සෙබලෙකු මෙම අනතුරට මුහුණ දුන්නා. ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි කිළිනොච්චිය පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් මිය ගියේ මයිල්ගස්වැව ප්‍ර දේශයේ පදිංචි දනපාලගේ රෝෂාන් නමැති සෙබලෙකුයි.

මේ අතර අද උදෑසන ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට පොලොන්නරුව දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසීය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

The post රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG