Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහන ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි  

Add comments

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධානය කරන ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක ආධාරකරුවන් වෙනුවෙන් වූ පාඨමාලාව ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක විෂය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මාතෘකාවක්. තරුණ තරුණියන් විශාල උනන්දුවක් දක්වනවා. භෞත චිකිත්සක සහ සම්බාහන පිළිබද වැරදි මතිමතාන්තර තිබෙනවා. වෛද්‍ය වෘත්තියත් වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. පැරණි රජ දවසේ ශ්‍රී ලංකාවේ තිබූ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණූව උතුරුමැද පළාතේ නටඹුන් වලින් පැහැදිලි වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා අද තිබෙන වෛද්‍ය විද්‍යාවට වඩා එදා තිබූ වෛද්‍ය ක්‍රම හොදයි කියලා. විදේශ ආක්‍රමණවලින් පසු එම වෛද්‍ය ක්‍රම විනාශ වුණා. හොද සම්බාහක ක්‍රම දේශීයව තිබුණා. ඒවා වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් චීනය වැනි රටවල පැරණි සම්බාහන ක්‍රමතවදුරටත් භාවිත කරනවා. බෝනොවන රෝග විශාල අභීයෝගයක්. ඒ සදහා ව්‍යායාම් කිරිම අත්‍යාවශයයි.වෛද්‍යමය වශයෙන් පිළිගන්නා සම්බාහන ක්‍රම අවශ්‍යයයි. එහිදී මෙවැනි පාඨමාලා ඉතාවැදගත් වෙනවා. දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අවිද්‍යාත්මක සිදු කරන සම්බාහන ක්‍රමවලින් ජනතාව බේරා ගත යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥවෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, ශ්‍රී ලංකා පදනම්ආයතනයේ සභාපති සරත් කොන්ගහගේ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG