Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගැන සෙවීමට පත් කළ කොමිසමේ කාලය වෙනස් වෙයි  

Add comments

ශ්‍රි ලංකන් එයාර් ලයින් , ශ්‍රි ලංකා කේටරින් සමාගම සහ මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා සමබනධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව තවත් මාස 5 කින් දිර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ මෙම දීර්ඝ කිරීමේ නියෝගය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොමිසම අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.

නමුත් 2018 දෙසැම්බර් මස 31 දක්වා කොමිසමේ කාලය දීර්ඝ කෙරෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වනවා.

2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31  දක්වු කාලය තුල අදාළ සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිම සඳහා මෙම ජනාධිපති  කොමිෂන් සභාව පිහිටවනු ලැබුවේ 2018 ජනවාරි මස 31වනදායි.

මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න, අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර, මහාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඞ්, ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා විසින් පත් කර තිබුණා.

ඒ අනුව මෙම නව කොමිසම මගින් අදාළ සමාගම්වල සිදුවූ පහත අක‍්‍රමිකතා පිළිබද සොයා බැලෙනවා.

01- මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ යම් වෙනත් මූල්‍ය ආයතනයක් හෝ ආස්ථිත්‍යයක් විසින් මුල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව කොටස් ප‍්‍රාග්ධනය සහ ණය ගැනීමේ මාර්ගයෙන් අරමුදල් යෙදවීමේ සහ එබදු අරමුදල් ආයෝජනය කිරීම,

02- මිහින් ලංකා සමාගම ස්ථාපිත කරලීම, මෙහෙයුම් සහ නිමාකරලීම,

03- ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගම අතර එළඹී ගිවිසුම අවසන් කරලීම, සහ ඊට හේතුන් සහ එහි සංකීර්ණ ප‍්‍රතිඵල

04- ගුවන් යානා සහ යම් වෙනත් වත්කකම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණිම සහ ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීමට අදාළ ගිවිසුම් වලට එළඹීම, දීර්ඝ කිරිම, සහ අවලංගු කරලීම.

05- වටිනාකම රු මිලියන 50 ඉක්මවන ගුවන්යානා සහ යම් වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණීම හා ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීම ඇතුළුව භාණ්ඩ හා සේවාවන් ප‍්‍රසම්පාදනය සහ ගුවන් යානා සමූහය නැවත පිහිටුවීම.

06- භාණ්ඩ, සේවා හෝ යම් වෙනත් කර්තව්‍යයක් සැපයීම සදහා අනුයෝජිතයින්, තැරැව්කරුවන්, උපදේශකවරුන්, සමාගම් සහ යම් වෙනත් පුද්ගලයෙකු හෝ ආස්ථිත්‍යයක් බදවාගැනීම සහ පත්කරලීම.

07- අනෙකුත් රටවල්හි මාර්ග ජාලය සහ කාර්යාල විවෘත කරලීම, නඩත්තුව සහ අත්හිටුවාලීම.

08- ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා යන සමාගම් අතර ගණුදෙනු.

09- බදවාගැනීම, පත්කරලීම, පාරිශ‍්‍රමිකය, උසස් කිරීම, ස්ථාන මාරුව, සේවක අපවර්තනය සහ විශ‍්‍රාම ගැන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරු සහ සෙසු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය.

10- මූල්‍ය වාර්තාකරණය, ආදළ ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයා කිරීම, සහ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය සහ තත්ත්වය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG