Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි තර්ජනවලින් පීඩාවට පත් මයිලන්කුලම ප්‍රදේශවාසීන්  

Add comments

වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ ජනතාව නිරන්තරව සිදු වන වනඅලි තර්ජනවලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

මයිලන්කුලම ප්‍රදේශයේ  බහුතරයකගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. තවත් පිරිසක් සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මේ දෙපිරිසම ජීවත්වීම සඳහා යෙදී සිටින්නේ සුළුපටු අරගලයක නොවේ. එම තත්ත්වය වඩාත් උග්‍රවී ඇත්තේ වනඅලි ප්‍රහාර හේතුවෙනුයි තබ්බෝව අභයභූමියේ සිට සවස් කාලයේ මයිලන්කුලමට වනඅලින් පැමිණෙන්නේ එම ගම්මානය තමන්ට අයිති වූවක් සේ සළකමිනුයි. පවුල් දහසක් පමණ මෙහි ජීවත් වනවා. සුඛෝපභෝගී නිවාස අඩක් ඉදිකළ නිවාසමෙන්ම කඩුමැටි ගසා පොල්අතු සෙවිලි කළ නිවාස ද මෙහි දක්නට ලැබෙනවා. කුඩා පැල්පත් අසලට පැමිණෙන අලින් කටු මැටි බිත්ති බිමට සමතලා කරන වාර අනන්තයි. දිවා රෑ නොබලා අපමන මෙහෙසක් දරා ගෙටගත් අස්වැන්න අලින්ගෙන් බේරාගැනීමට මෙම ගම්වැසියන්ට අපමණ දුකක් විදීමට සිදුව තිබෙනවා. තබ්බෝව අභයභූමියේ සිට මයිලන්කුලම අම්බලම ,ප්‍රදීපාගම , තේවනුවර පාවට්ටා මඩුව ආදී ගම්මාන වෙත ඇදෙන අලි රංචුව අලින් 50 කට අධික සංඛ්‍යාවකින් සමන්විත බවයි ගොවින් පවසන්නේ. මේ වන විට පොල්ගස් 750 ක් පමණ අලින්ට බිලි වී තිබෙනවා.රජය මගින් ඉදිකර ඇති විදුලිවැට අක්‍රියව පවතින අතර එය යථාතත්ත්වයට පත් කර දෙන ලෙසයි මෙම වැසියන් ඉල්ලා සිටින්නේ.

 

The post වන අලි තර්ජනවලින් පීඩාවට පත් මයිලන්කුලම ප්‍රදේශවාසීන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG