Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේම ජනතා සහාය ලැබී තිබෙනවා – ජනපති  

Add comments

රටේ බහුතර කැමැත්තත්, රටේම සහායත් තමන්ට ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඕස්ට්‍රේලියානු ඒ බී සී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඕස්ට්‍රේලියා ඒ.බී.සී. නාලිකා මාධ්‍යවේදිනිය – ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණීමෙන් පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ගැටලූ වලට විසදුම් ලැබෙයිද?

ජනාධිපතිතුමා – මං හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් මේ අර්බුදය නිම කිරීමට පුලුවන් කියලා. අපි එය තේරුම් ගත යුතුයි. ඔබ හිතනවද ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන්, මාගේ නිවස ගිනි තැබීමෙන් අග‍්‍රාමාත්‍ය නිවස අල්ලා ගැනීමෙන් හා පාර්ලිමෙන්තුව අල්ලා ගැනීමෙන් අපට විසදුම් ලැබෙයි කියලා.

මාධ්‍යවේදිනිය – ඔබ හිතනවද? පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනය තුළින් ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා.

ජනාධිපතිතුමා – අපි අත්අඩංගුවට ගන්නේ නීතිය කඩ කළ පුද්ගලයන් පමණයි. එය කරන්නෙත් මම නෙමෙයි. එය පොලීසියේ රාජකාරියක්. හරියට ඔබේ රටේත් සිදු වෙනවා වගේම.

මාධ්‍යවේදිනිය – ඔබ සිතනවද ඔබට රටේ බහුතරය සහ සහාය පවතිනවා කියලා.

ඔව් මට බහුතරය සහ රට තුළ සහායක් තියෙනවා. මම තමයි නිවැරැදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වැනි දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය හා සහාය මට හිමි වී තියෙන්නේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාස කරන්නේ. මට එය කළ හැකියි.

 

The post රටේම ජනතා සහාය ලැබී තිබෙනවා – ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG