Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහේෂ් තීක්ෂණට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උසස්වීමක්  

Add comments

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් අද (20) දින පෙරවරුවේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කර ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමුණා.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තා මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂතුමන් ද එක්වුණා.

මෙම අවස්ථාව සඳහා ආසියානු කුසලාන ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම්. තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කෝප්‍රල් ටී.ටී. අල්ගම, කෝප්‍රල් කේ.බී.වයි. ද සිල්වා හා කෝප්‍රල් එම්.ඒ.අයි.ජේ. පෙරේරා සහ ආසියානු කායවර්ධන ශූරතාවලිය – 2022 හි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ ද සහභාගී වී සිටියා.

එම අවස්ථාවේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නා.

ඒ අනුව, සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදුන්නා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ තවදුරටත් ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් එම්.එම්. තීක්‍ෂණ, දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සහ කායවර්ධන ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කළ අතර ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් ද පිරිනැමුවා.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති – මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ද එක්ව සිටියා.

The post මහේෂ් තීක්ෂණට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උසස්වීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG