Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති යළි දිවයිනට පැමිණෙයි  

Add comments

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා එංගලන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යළි දිවයිනට පැමිණියා.

අද උදෑසන කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්වූ පළමු විදේශ සංචාරයයි.

ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ සඳුදා පැවති දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි.

සිය සංචාරය අතරතුරදී බකිංහැම් මාලිගයේ පැවති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වුණා.

ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමුවුණා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියා.

 

The post ජනපති යළි දිවයිනට පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG