Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබපැතුම්  

Add comments

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතා සුබපැතුම් පණිවුඩ යොමු කරති.

මෙම වසර චීන- ආර්ජන්ටිනා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50වැනි සංවත්සරය වන අතර, දෙරටේ ‘මිත්‍රශීලි සහයෝගතා වසර’ ද සනිටුහන් වන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

අඩ සියවසක කාලය තුළ දෙරට සම්බන්ධතාවය ජාත්‍යන්තර අභියෝග ජය ගෙන, නැගී එන රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමගියෙන් යුතුව, පොදුවේ සංවර්ධනය කිරීමේ ආදර්ශයක් බවට පත්ව ඇත.

මෙවර සංසදයට සහභාගිවූවන්ට සිය වටිනා අදහස් ඔස්සේ පොදු එකඟතා එක්රැස් කර ගෙන, දෙරටේ සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ වර්ධනයට නව පිටුවක් නිර්මාණය කළ හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියි.

ආර්ජන්ටිනාව හා චීනය අත්වැල් බැඳගෙන වසර පනහක් එකට ගමන් කර ඇතැයි ආර්ජන්ටිනා ජනාධිපතිවරයා තම සුබ පැතුම් පණිවුඩයෙන් පවසයි. දෙපාර්ශ්වය වඩාත් ඉහළ මට්ටමක හවුල් ප්‍රජාවක් ගොඩනගනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටී.

දෙරට සහයෝගතා ගැඹුරු කරන අතරම, ආර්ජන්ටිනා- චීන සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කරමින් දෙරටේ ජනතාවගේ සුබසෙත හා ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් ද වඩාත් කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද Alberto Fernández මහතා ප්‍රකාශ කර ඇත.

28වැනිදා බෙයිජිංහි පැවති චීන ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු ඉහළ මට්ටමේ සංසදයේ තේමාව ‘මාධ්‍ය හුවමාරු පුළුල් කරමින් ජනතාව වෙනුවෙන්සුබසෙත නිර්මාණය කිරීම’ යන්නයි. චීන මාධ්‍ය සමූහය හා ආර්ජන්ටිනා පොදු මාධ්‍ය පිළිබඳ රාජ්‍යලේකම් කාර්යාලය විසින් එය ඒකාබද්ධව පවත්වනු ලැබීය.

The post චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබපැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG