Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 19කට පසු නාවුරු අහසේ චීන ජාතික ධජය ‍එසවෙයි  

Add comments

වසර 19කට පමණ පසු පැසිෆික් දූපත් රටක චීන ජාතික ධජය ඔසවන පළමු අවස්ථාව සනිටුහන් කරමින් චීන රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම අද (29) නාවුරු හි චීන ජාතික ධජය එසවීමේ උත්සවයක් පැවැත්විය.

නාවුරු හි චීන තානාපති කාර්යාලය ආරම්භ කිරීමේ වගකීම දරන කණ්ඩායම විසින් තාවකාලික කාර්යාලය පිහිටි පරිශ්‍රයේ දී මෙම උත්සවය පවත්වන ලදි.

අන්‍යෝන්‍ය වශයෙන් බැඳී සිටින චීනය සහ නාවුරු ජනරජයට ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ දී විශාල හැකියාවක් ඇති බව එම රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමේ ප්‍රධානී Wang Xuguang මහතා එහිදී පැවසීය.

අනාගතයේ දී දෙපාර්ශ්වයම ඔවුන්ගේ සංවර්ධන උපායමාර්ගවල පෙළගැස්ම ශක්තිමත් කර ගත යුතු අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා පොදු පදනමක් ගොඩනඟා ගනිමින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමි වන උසස් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ ක‍ළේය.

පසුගිය ජනවාරි 15 වන දින නාවුරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සිය රට එකම චීනය මූලධර්මය පිළිගන්නා බවත් තායිවානය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බවයි.

එමෙන්ම තානාපති මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම පිළිබඳව චීනය සහ නාවුරු අතර ඒකාබද්ධ නිවේදනයක් පසුගිය ජනවාරි 24 වැනිදා බෙයිජිං හිදී අත්සන් කළහ.

The post වසර 19කට පසු නාවුරු අහසේ චීන ජාතික ධජය ‍එසවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG