Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි  

Add comments

ඇමරිකාව චීන සිසුන් එරට අධ්‍යාපනය ලැබීම සඳහා පිළිගන්නා බවට කළ ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (4) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෑත කාලයේ චීන සිසුන් බොහෝ දෙනෙකු ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එරටට පිවිසීමේ දී පුළුල් පරීක්ෂාවන්ට ලක් කෙරුණා.

ඇතැම් සිසුන්ගේ වීසා අවලංගු කෙරුණු අතර, වසර 5ක් ඇතුළත ඇමරිකාවට පිවිසීම ද තහනම් කරනු ලැබුවා.

ශාස්ත්‍රීය නිදහස හා විවෘතබව පිළිබඳව ඇමරිකාව නිරන්තරයෙන් වර්ණනා කළ ද එරට ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පවා දේශපාලනීකරණය වී ඇති අතර, ඇතැම් විට එය අවියක් ලෙස යොදාගෙන ඇති බවයි චීනය පවසන්නේ.

එම ක්‍රියා චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

චීනය හා ඇමරිකාව අතර සංස්කෘතික හා මානව හුවමාරු සහයෝගීතාවය ඉන් බිඳවැටී ඇති අතර ද්විපාර්ශ්වික හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ එකඟතාවන්ට ද එය පටහැනියි..

චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

ඒ සඳහා 10043 අංක දරන සාවද්‍ය පරිපාලන නියෝගය අහෝසි කර, අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පැමිණෙන චීන සිසුන් ජාතික ආරක්ෂාව සුරැකීමේ මුවාවෙන් සීමා කිරීම හා පීඩාවට පත්කිරීම නතර කළ යුතු බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කරනවා.

 

 

The post චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG