Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්  

Add comments

“සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මේ වන විට දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු ඇතුළු වගාවන් ගණනාවකට හානි කරමින් ව්‍යාප්තවී තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මෙම දළඹුවා පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

“සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 03ක් වහා ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර ඇත.

Proclaim – Emamectin benzoate – ග්‍රෑම් 4ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට
Spinoperam – radiant – 25% WG ග්‍රෑම් 3ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට
Coragen – chlorantranilliprole 200g – මිලි ලීටර් 3ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට

මෙම කෘමිනාශක වර්ග 03 බෝග වගාවේ “සේනා” දළඹුවා සිටින බවට තහවුරු වූ පසු දින 07කට වරක් මාරුවෙන් මාරුවට මෙම කෘමිනාශක යෙදිය යුතුය.එකම කෘමිනාශකය නැවත නැවත භාවිත නොකළ යුත්තේ “සේනා” දළඹුවා එම කෘමිනාශකවලට අනුවර්තනය වීමේ සුවිශේෂී හැකියාවත් ඇති පළිබෝධකයෙක් වන හෙයිනි.

විශාල වශයෙන් බෝග වගා කර ඇති බිම්වලටත් එමෙන්ම කුඩා වගාවන්ටත් මෙම කෘමිනාශක වර්ග 03 ඉසීම කළ යුතුය.එයට හේතුව නම් කුඩා වගා බිම් ආවරණය නොකළ හොත් නැවතත් මෙම දළඹු වසංගතය පැතිරීමට ඉඩ ඇති බැවිනි.

කෙසේ වුව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ “සේනා” දළඹුවා මර්දනය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.එමෙන්ම ඒ ඒ අවස්ථාවන්හිදී උද්ගතවන තත්වයන් අනුව පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG