Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන්  

Add comments

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ තමා නමින් ව්‍යාජ ට්විටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.

එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබද වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියාසිටිනවා.

අයිටිඑන් වසන්තම් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් –

දෙමළ ජාතික සන්ධානය එල්ටීටීඊය සමග එක්වී රටේ නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා. ඒ තුළින් මට එරෙහිවත් චෝදනා නැගීම ගැන කණගාටුයි. මම එල්ටීටීඊය අතහැර පැමිණීමෙන් පසු එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නැහැ. එල්ටීටීඊය සමග සම්බන්ධකම් ඇති පිරිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජනතාවට හිරිහැර සිදු කරනවා. දෙමළ ජාතික සන්ධානය එම පිරිසට සහයෝගය පළ කරනවා. ජාති භේද පසෙකලා සියලු දෙනා එක්සත්ව රට ගොඩනැගීමට පියවර ගැනීමයි සිදු කළ යුත්තේ. එල්ටීටීඊය එපා කියලා ඔවුන්ට විරුද්ධව අපි කටයුතු කළේ රටට සාමය ගේන්න ඕන නිසා. ඒ සාමය රැක ගන්න ඕන. එක්සත් ජාතික පක්‍ෂයයි දෙමළ ජාතික සන්ධානය එක්ක ගනුදෙනු කරන්නේ. දෙමළ සන්ධානය එල්ටීටීඊ ඩයස්පෝරාවත් එක්ක සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කරනවා. රටේ ජනතාවට තේරුම් අරං ඉන්නේ ඇත්තටම එල්ටීටීඊය එක්ක  ඉන්නේ කවුද කියලා.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG