Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතා ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි  

Add comments

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතාගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දැක්වුවා. මේ අතර හිටපු අමාත්‍ය  රාජා සමරනායක මහතාගේ දේහයට අවසන් ගෞර ව දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඒ මහතාගේ නිවස වෙත පැමිණියා.

වෘත්තීය සමිති නායකයතු වූ හේමසිරි ජයලත්  මහතාගේ දේහය තැම්පත් කර තිබූ කොළඹ පෞද්ගලික මල්ශාලාව වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ජයලත් මහතාගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය ශෝකය ද පල කළා. අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු ඊයේ (27) පස්වරුයේ සිදු කෙරුණා.

මේ අතර හිටපු අමාත්‍යවරයකු වූ රාජා සමරනායක මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන  විට 83 වන වියෙහි  පසුවුණා. රාජා සමරනායක මහතාගේ දේහය තැම්පත් කර ඇති බණ්ඩාරගම අටලුගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ඥාතීක් වෙත සිය ශෝකයද පල කළා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අභාවප්‍රාප්ත රාජා සමරනායක මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී අද(28)  පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG