Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට  

Add comments

ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය.

ආදි ශිෂ්‍ය , දෙමාපිය අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතුව මෙම රඟහල ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට ඇත. නාලන්දා විදුහලේ නිර්මාතෘ ලෙස සැලකෙන විදුහලේ පළමු විදුහල්පති වන ගුණපාල මලලසේකර මැතිඳුන්ට උපහාර පිණිස මෙම රඟහල මලලසේකර රඟහල නමින් නම් කර ඇත.2006 වසරේ අප්‍රේල මස 06 වන දින රඟහලේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් රඟහල ගිනිබත් වී විනාශ විය. එවකට විදුහල්පතිවරයා වූ හේමන්ත ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම නැවත ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මෙම වසර 4 තුළ පාසල් 9500කට ආසන්න ප්‍රමාණයකට ගොඩනැගිලි ඉදිකර දී ඇති බවයි.

සමස්ත පාසල් පද්ධතියම දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ආනමඩුව දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් 206න් පාසල් 87කට පමණ තට්ටු ගොඩනැගිලි ඉදි කර දී ඇති බවත් ටකරන් හෝ පොල් අතු වහළ අද රටේ කිසිම ප්‍රදේශයක නොමැති බවත්ය.එපමණක් නොව විද්‍යගාර , ජංගම විද්‍යාගාර සහ පුස්තකාල සඳහා මිලියන 700ක පමණ පොත් පත් ලබා දී ඇති බවත්ය. 60% ක් පමණ විදුලිය තිබූ පාසල් මේ වන විට 98%ක් පමණ පාසල් වලට විදුලිය ඇති බවත්ය.

භෞතික සම්පත් පමණක් නොව මානව සම්පතද දියුණු කරමින් විදුහල්පතිවරුන්, ගුරුවරු, ක්‍රීඩා උ‍්පදේශකවරු බඳවා ගැනීමට අවශ්‍ය කටයතුද සිදු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

නවීන ලෝකයට යන්න, ලෝකයේ දැනුම බෙදා ගන්න ඩිජිටල් පංති කාමර විදුහල් වලට ලබා දී ඇති බවත් නාලන්දා විදුහලටද ඩිජිටල් පංති කාමරයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

මම මේ පුටුවේ අද හිටියට හෙට තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒත් අපි ගන්න ඕන තීරණ අපි ගන්න ඕන. එතකොට තමයි රටක් විදියට අපට ඉදිරියට යන්න පුළුවන්. අපි සාම්ප්‍රදායිකව කටයුතු කළොත් රටක් විදියට ඉදිරියට යන්න බැහැ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී රඟහල ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් ආදි නාලන්දීයන්ට සමරු තිළිණ ලබා දුන් අතර රුපියල් මිලියන 100කට අධික ප්‍රතිපාදන ලබා දෙමින් මූල්‍යමය දායකත්වය ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමාට විශේෂ සමරු තිළිණයක්ද ලබා දුණි. තවද මලලසේකර රඟහල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු ගුවන් හමුදාවේ සියලු නිලධාරින්ට විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ගේ විශේෂ ස්තුතිය හිමි විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, ආනන්ද, රාජකීය ඇතුළු කොළඹ පාසල් වල විදුහල් වල විදුහල්පති වරුන්ද එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG