Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනපල්ලමේ පැය 06 ක අලි මෙහෙයුම (video)  

Add comments

වැල්ලවාය ආනපල්ලම ගම්මානයට ඊයේ (27) රාත්‍රියේ කඩාවැදුණු වනඅලියෙකු උදෑසන තෙක්ම එහි රැදී සිටීම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත්වුණා. පැය 6 ක පමණ මෙහෙයුමකින් පසු වනඅලියා පලවා හැරීමට හැකිවී තිබෙනවා.

මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්මානයට පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් කියාසිටින්නේ වනඅලියා අන්ධ සත්ත්වයෙකු බවයි. ඊයේ රාත්‍රියේ ආනපල්ලම ගම්මානයට පැමිණි වනඅලියා රාත්‍රිය පුරාම ගම්මානයේ සැරිසරමින් සිට තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමත් සමග පැමිණි වැල්ලවාය වනජීවී නිලධාරීන් වනඅලියා පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

අද (28) උදෑසන වනඅලියා පලවා හරින අවස්ථාව වන විට වැල්ලවාය ආනපල්ලම කණිෂ්ඨ විද්‍යාලයේ කටයුතු ද ආරම්භ වී තිබුණා. වනඅලියා පාසල ආසන්නයට පැමිණීමත් සමග පාසලේ කටයුතුවලට ද දැඩි බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ. එම ගම්මානය වටා ඇති අලිවැට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුවන වනඅලින්ගේ තර්ජන නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. අලිවැට විධිමත්ව සකස් කරන දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG