Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි  

Add comments

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි නව යෙදුමක් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදුන්වා දුන්නා.

කොවිඩ් ආසාදිතයින්,  ආශ්‍රිතයින්,  නිරෝධායනය, පීසීආර් පරික්ෂණ සේවා, නිරීක්ෂණ,  තීරණ ගැනීම්, ආසාදිතයින්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව යෙදුමෙන් ලබා ගත හැකියි. ජනාධිපති කාර්යාලයේදී  දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී නව යෙදුම ජනාධිපතිතුමා වෙත හදුන්වාදුන්නේ  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයරත්න මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමයි. අලුත් වර්ධනයන් පිලිබද තොරතුරු සෑමවිටම දැනගත හැකි අයුරින් යෙදුම සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

රටපුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350 ක් . ඉන් 28 කින් කොරොනා ආසාදිතයින් වාර්තා වී ඇති බවත් සෙසු ප්‍රදේශවලට  වෛරසය පැතිරීම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවයි කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙහිදී සදහන් කළා.

වයිරසය පැතිරයාම වැලැක්වීමේ අරමුණින් පළමු හා දෙවන ආශ්‍රිතයින් ඇතුළු 41000 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණ කළා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම හමුට එක්ව සිටියා

 

 

The post කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG